Friday, April 26, 2024

General line - 0115112241

19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ජයක් 




වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද පැවති පුහුණු තරඟයෙන් අයර්ලන්තය ලකුණු 128 කින් පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 43 තුළ කඬුලු 07 කට ලකුණු 233 ක් රැස්කළා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 105 ක් පමණයි.

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන සිකුරාදා ආරම්භ වනවා. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය එදිනම පැවැත්වෙන්නේ ස්කොට්ලන්තය සමඟයි.