Friday, April 26, 2024

General line - 0115112241

මුහුද යට පිහිටි ගිනිකන්දක් විධාරණය වෙයි : පැසිෆික් සාගරයේ සුනාමි අවදානමක්




දකුණු පැසිෆික් සාගරයේ දිය යට පිහිටි ගිනි කන්දක් මිට සුළු මොහොතකට පෙර විධාරණය වීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා අනුව එලෙස සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ ටොංගා සහ සැමෝවා දූපත් වෙතයි.

මුහුද යට පිහිටි Hunga-Tonga-Hunga-Ha'apai ප්‍රචණ්ඩ ලෙස විධාරණය වීමත් සමග අළු සහ ගෑස් වාෂ්ප ඉහළ කිලෝමීටර් 20ක් තරම් ඉහළ අහසට විසිරි ගිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම විධාරණයත් සමග විශාල අළු වලාකුළක් සහ කම්පන තරංග පැතිර යන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප වල සටහන්ව ඇත. 

ගිනි කන්දේ විධාරනයත් සමග ගලා ආ මුහුදු රළ හේතුවෙන් ටොංගා දුපත් හි අගනුවර වන Nuku'alofa හි පිහිටි වෙරළ තීරය හා වෙරළබඩ මාර්ගවලට ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ.

මෙම ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි ෆොනුවාෆෝ දූපතේ සිට කිලෝමීටර් 30 ක් (සැතපුම් 18.6) පමණ ගිනිකොන දෙසින්ය.

මෙම ගිනිකන්දේ විධාරණයත් සමග ටොංගා දුපත් සහ ඒ අවට ප්‍රදේශයන්ට අධික වර්ෂාව, හදිසි ගංවතුර සහ තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.