Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි සංචාරයක 




ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්වුණා. 

එම දෙපාර්තමේන්තු ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකු ඊට පැමිණි පළමු අවස්ථාව මෙයයි. 

එහිදී නිලධාරීන් ඇමතූ ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ මෙවර මහ කන්යේදී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය හා ඵලදායීතාව මෙන්ම ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කරන ලෙසයි. අඩුපාඩු මගහරවා ගනිමින් යල කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. 

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවස්ථාව ලබාදී ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන තිස්හතරේ සාර්ථක්තවය පිළිබඳ සොයාබලන ලෙසත්, ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීමට කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

දිවයින පුරා ඇති පුරන් කුඹුරු වහාම අස්වැද්දීමට පියවර ගන්නා ලෙයසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී උපදෙස් දී ඇත්තේ. 

වැඩිම පුරන් කුඹුරු ප්‍රමාණයක් ඇත්තේ කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලයි. එලෙස පුරන්වීමට බලපෑ හේතු විමර්ශනය කර හිමිකරුවන් ද මැදිහත් කර ගනිමින් ඒවා අස්වද්දන ලෙසත් වී ගොවිතැන සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් බෝග සඳහා යොදා ගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.