Friday, April 26, 2024

General line - 0115112241

බස්නාහිර සෞඛ්‍ය සේවකයින් එක්දින වැඩවර්ජනයක




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් අද එක්දින වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය වෘත්තිය සමිති 16 ක් එලෙස වැඩවර්ජනයේ නිරත වන්නේ පෙරවරු හතේ සිටයි. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය. 

සිය ඉල්ලීම්වලට විසදුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වන බවයි  එම සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම වැඩ වර්ජනයට සිය සංගමය එක් නොවන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ.