Friday, April 26, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ප්‍රභල ශ්‍රී ලංකා කණ්ඩායමක් 




ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. 

කණ්ඩායමේ නායකයා දසුන් ශානක වන අතර උප නායකයා ලෙස පත්කර ඇත්තේ චරිත් අසලංකයි. 

දනුෂ්ක ගුණතිලක නැවත කණ්ඩායමට කැදවා තිබෙනවා. 

20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ ද අයත්. 

වනිඳු හසරංග ද ඕස්ට්‍රේලියානු සංචාරයට එක්කර තිබෙනවා. 

දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග 05 කින් යුත් තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි 11 වනදාය