Friday, April 26, 2024

General line - 0115112241

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම ගැන අමෙරිකාවේ ප‍්‍රසාදය




අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප‍්‍රසාදය පළ කරනවා.

ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාබ් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ අර්ථවත් ප‍්‍රති සන්ධාන කි‍්‍රයාවලියක් සඳහා මෙය ඓතිහාසික ජයග‍්‍රහණයක් වනු ඇති බවයි.

මේ අතර දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිෂ්වාල් ද මේ සම්බන්ධයෙන් සිය ප‍්‍රසාදය පළ කර තිබෙනවා.

ඇය ප‍්‍රකාශ කර තිබෙන්නේ සත්‍ය හා ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලිය යහපත් ප‍්‍රවේශයකට ගෙන යාම වෙනුවෙන් මෙය රුකුලක් වනු ඇති බවයි.

මේ අතර දිවයිනට පැමිණ සිටින නෝරවේජියානු අග‍්‍රාමාත්‍ය එර්නා සෝර්බර්ග් අද (12) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවුණා. වත්මන් රජය විසින් ගෙන යනු ලබන සංහිඳියාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංවර්ධනය පිළිබඳව නෝර්වේජියානු රජය ප‍්‍රසාදය පළ කරන බවයි ඇය එහිදී ප‍්‍රකාශ කළේ.

02

01