Friday, April 26, 2024

General line - 0115112241

ජනතාවට තීරණයක් ගන්න දෙන්න - ඉම්රාන් ඛාන් ඉල්ලයි




ජනතාවට තීරණයක් ගැනීමට ඉඩ ලබාදිය යුතු බව බලයෙන් පහ කළ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. ඔහු කියා සිටියේ ජනතාවට සිය තීරණය ගැනීම සඳහා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි. ධූරයෙන් පහ කිරීමෙන් පසු ඉම්රාන් ඛාන්  සහභාගිවන විශේෂ රැලියක් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ, ඉම්රාන් ඛාන්ට සහය පළ කරමින් දහස් සංඛයාත පිරිසක් මේ වන විට වීථි බසිමින් සිටින පසුබිමකයි.

කෙසේවෙතත් පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ ෂෙබාස් ෂරීෆ් ලබන 23 වනදා දිවුරුම්දීමට නියමිතයි. ඔහු 2023 වසරේ අගෝස්තු දක්වා එම ධූරයේ කටයු කරනු ඇති. ෂෙබාස් ෂරීෆ් පාකිස්තානයේ 23 වන අග්‍රාමාත්‍යවරයායි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉවත් කිරීමෙන් පසු එරට පාර්ලිමේන්තුව විසින් ෂෙබාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධූරයට තෝරා ගැනුණා.

මේ අතරතුර සිය සොහොයුරා වන ෂෙබාස් ෂරීෆ් පාකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ දූෂණ චෝදනා රැසක් එල්ලවූ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් යළි පාකිස්ථානයට පැමිණීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.