Friday, April 26, 2024

General line - 0115112241

අවසන් රන්දෝලි පෙරහැර මෙතැනින් නරඹන්න




2016 මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර සජීවීව පහතින් නරඹන්න.

 


අවසන් රන්දෝලි පෙරහැර අද

(Aug 17, 2016 @ 19:05)

2016 මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (17) රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

(එය අලලා නෙත් නිවුස් සකස් කළ විශේෂාංගයක් පහතින් අහන්න.)

මහනුවර ඇසළ මංගල්‍ය සඳහා නෙත් එෆ්.එම්. රේඩියෝව ද බැතිබර දායකත්වය ලබා දෙනවා. අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය අද රාත‍්‍රී 8.00 සිට සජීවී ලෙස ප‍්‍රචාරය කිරීමට ද නෙත් එෆ්.එම්. රේඩියෝව සූදානම්.

මීට සමගාමීව නෙත් එෆ්.එම්. රේඩියෝව සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය එක්ව සංවිධාන කරන තේ පැන් දන්සැල අද පස්වරුවේ සිට දෙවන දිනටත් කි‍්‍රයාත්මකයි.

20160816_173723 20160816_173854

 


අවසන් රන්දෝලි පෙරහැර හෙට

(Aug 16, 2016 @ 18:10)

මහනුවර ඇසළ මංගල්‍යයේ සිවුවන රන්දෝලි පෙරහැර අද (16) රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

එහි සිටින නෙත් එෆ්.එම්. විශේෂ නියෝජිත විමුක්ති කැළුම් සඳහන් කළේ අද දිනයේදී විශාල බැතිමතුන් පිරිසක් පෙරහැර දැකබලා ගැනීමේ අපේක්ෂාවෙන් මහනුවරට පැමිණ ඇති බවයි. මහනුවර ඇසළ මංගල්‍යය සඳහා නෙත් එෆ්.එම්. රේඩියෝව මෙවරත් බැතිබර දායකත්වය ලබාදෙනවා.

පැමිණ සිටින පිරිසට නෙත් එෆ්.එම් රේඩියෝව සංවිධානය කර තිබෙන තේ පැන් දන්සලට සම්බන්ධවීමේ හැකියාවත් පවතිනවා.

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර හෙට වීථි සංචාරය කෙරෙනු ඇති.

 

 


දෙවන රන්දෝලි පෙරහැර අද

(Aug 14, 2016 @ 13:00)

මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවේ දෙවන රන්දෝලි පෙරහැර අද (14) රාත්‍රියේ විථි සංචාරය කෙරෙනවා.

ඊයේ (13) දිනයේ විථි සංචාරය කෙරුණු පළමු රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

DSC_9217 copy 32 31 28 24 15 17 18 19 20 11 10 09 06 03 01


පළමු රන්දෝලි පෙරහැරට මහනුවර සූදානම් (VIDEO)

Aug 13, 2016 @ 18:43

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන් දෝළි පෙරහැර තවත් නොබෝ වේලාවකින් වීථි සංචාරය කෙරෙනවා.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේවන විට සූදානම් බවයි දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල පැවසුවේ.

පෙරහැර ගමන් ගන්නා මාර්ගය පිළිබඳ දියවඩන නිළමේවරයා කරුණු දැක්වූ අයුරු පහතින් බලන්න.

මහනුවර ඇසළ මංගල්‍යය සඳහා නෙත් එෆ්.එම්. රේඩියෝව මෙවරත් බැතිබර දායකත්වය ලබාදෙනවා.

01

03

06

09

10

11

15

17

18

19

20

24

28

31

32

DSC_9217 copy