Friday, April 26, 2024

General line - 0115112241

රට බංකොලොත් ද ? මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්




වසර 70කට අධික ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව පළමු වරට ණය ගෙවීම නිල වශයෙන් පැහැර හැරි රටක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබෙනවා. ඒ, ස්වෛරීත්ව බැදුම්කරවල පොලිය ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය අවසන් වීම හේතුවෙන්. මෙහිදී ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 78 ක මුදලක් ගෙවිය යුතුව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකාව යනු බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්වී ඇත්දැයි නෙත් නිවුස් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් විමසීමක් කළා.

රට තුළ දැඩි ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේදී අද දිනයේ ගොඩබෑම සිදුකරන පෙට්්‍රල් නැව සඳහා ප්‍රමාද ගාස්තු ද සහිතය අමෙරිකානු ඩොලර් මිලියන 53 ක මුදලක් ගෙවා තිබුණා. ඒ සඳහා ඩොලර් සොයාගත්තේ කෙසේද? 

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්ධන, ගෑස්, ජල සහ විදුලි බිල තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බවයි. ඒ සඳහා කඩිනම් වෙනසක් සිදුකරන ලෙසයි දන්වා ඇත්තේ.