Friday, April 26, 2024

General line - 0115112241

හෙට තරඟයට කුසල්ගේ සහභාගිත්වය ගැන තහවුරුවක්




ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් ඔස්ට්‍රේලියාව සමඟ හෙට පැවැත්වීමට නියමිත සිව් වන එක්දින ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රිකට් ආරච්චි මාර්ග පවසනවා. 

දෙරට අතර ඊයේ පැවති තුන්වන එක්දින තරඟයේ පන්දවට පහර දෙමින් සිටියෙදී පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙන්ඩිස්ට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. 

ඒ වන විට පන්දු 85කට මුහුණ දෙමින් ඔහු රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 87ක්. මේ අතර ආබාධයක් හේතුවෙන් ඊයේ තරඟයට ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක හෙට තරඟයට සහභාගී වීමද අවිනිශ්චිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේ.