Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව රුසියාවේ සිල්ල‍ර වෙළෙඳාමටත් බහියි




රුසියාව තුළ ඉන්දියානු සිල්ලර වෙළඳසැල් ජාලයක් දියත් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් BRICS ව්‍යාපාරික සංසදයේ  හමුවක් අමතමින් පවසා තිබෙනවා.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල ඒකාබද්ධ ආර්ථිකයන් සඳහා වූ කෙටි යෙදුමක් BRICS ලෙස භාවිතා කෙරනවා.

එම රටවල රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ රුසියානු ව්‍යාපාරික කවයන් අතර සම්බන්ධතා සක්‍රිය වෙමින් පවතින බවයි රුසියානු ජනාධිපතිවරයා එහිදී පැවසුවේ.

රුසියාවේ ඉන්දියානු සිල්ලර වෙළඳසැල් විවෘත කිරීමට මෙන්ම  රුසියාවේ වෙළඳපොල  තුළ චීන මෝටර් රථ, උපකරණ සහ යන්ත්‍ර සූත්‍රවල වෙළෙදාම වැඩි කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බව ද ඔහු එහිදී අනාවරණය කළා.

කෙසේවෙතත්, කුමන ඉන්දීය සිල්ලර වෙළෙඳ ජාලයක්  රුසියාවට පැමිණෙන්නේද යන්න පුටින් හෙළි කර තිබුණේ නැහැ.

පසුගිය මාසයේදී සෞදි අරාබිය අභිබවා යමින් රුසියාව ඉන්දියාවේ දෙවන විශාලතම තෙල් සැපයුම්කරු බවට ද පත් වුණා.