Saturday, May 4, 2024

General line - 0115112241

චීනය බලා සිටියදී ඉන්දියාවෙන් පිලිපීනයට තෑගි




ඇමරිකානු ඩොලර් මිලියන 375 ක ගනුදෙනුවක් යටතේ ඉන්දියාවේ සිට පිලිපීනයට බ්‍රහ්මෝස් සුපර්සොනික් කෲස් මිසයිල සැපයීම දෙරට අතර ගිවිසුමේ කොටසක් ලෙස අඛණ්ඩව සිදුවන බව දෙරටේ ආරක්ෂක නිලධාරීන් පවසනවා.

ඒ අනුව එම මිසයිල පද්ධති සැපයුම් ඉන්දියාවේ සිට මැනිලා හි ගුවන් කඳවුරකට ඉරිදා Ilyushin-76 ප්‍රවාහන ගුවන් යානයකින් ළඟා වී තිබුණි.

ගිවිසුමේ පළමු කොටස ලෙසයි එම මිසයිල ඊයේ පිලිපීනයට ලැබී ඇත්තේ.

2022 දී අත්සන් කරන ලද ගිවිසුමේ කොටසක් ලෙස අප්‍රේල් 19 වන දින පිලිපීනයට සුපර්සොනික් කෲස් මිසයිලවල පළමු කොටස ලබා දුන් බව ඉන්දියාව තහවුරු කර තිබුණි.

පිලිපීනය මෙම මිසයිල භාරගෙන ඇත්තේ දකුණු චීන මුහුදේ නිරන්තර ගැටුම් හේතුවෙන් පිලිපීනය සහ චීනය අතර ආතතීන් උත්සන්න වී ඇති අවස්ථාවකදීයි.

එම මිසයිල පිලිපීනය විසින් ඔවුන්ගේ වෙරළබඩ ප්‍රදේශවල යොදවා කලාපයේ ඕනෑම තර්ජනයකින් ආරක්ෂා වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා