පකිස්තානයේ ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් රේගු නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම සිද්ධියත් සමග දින 03 ක් ඇතුළත වෙඩි ප්‍රහාර හමුවේ රේගු නිලධාරීන් 07 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
ඉකුත් අප්‍රේල් 18 වනදා ද පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා හිදී නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් රේගු බුද්ධි අංශයේ නිලධාරීන් පස් දෙනෙකු සහ පස් හැවිරිදි දැරියක් ඇතුළු සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගොස් තිබුණා.
නාඳුනන තුවක්කුකරුවන් විසින් සැඟවී සිට එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.
වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරුවන් පලා ගිස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.