Friday, April 26, 2024

General line - 0115112241

චීන යුද අභ්‍යාසය දීර්ඝ කෙරේ




අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් කෝපයට පත්ව සිටින චීනය, ඊට විරෝධය පෑමක් ලෙස ආරම්භ කල යුද අභයාසය තීව්‍ර කර තිබෙනවා. ඒ අනුව තායිවානයට ආසන්න මුහුදු සීමාවේ සිදු කරන යුද අභයාසයේ කාලය පවා දීර්ඝ කිරීමටයි චීනය තීරණය ඇත්තේ. ඒ අනුව ලබන සදුදා තෙක් චීනය මෙම මත්භේදාත්මක යුද අභයාසය සිදු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කළා. 

මෙම යුද අභයාසය සදහා චීනයට අයත් ප්‍රහාරක ගුවන් යානා 100 ක් සහ යුද නෞකා 10 යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් තායිවානය ද පවසන්නේ චීනයේ ඕනෑම ප්‍රකෝපකාරී ක්‍රියාවකට මුහුන දීමට සූදානම් බවයි. චීනය කුමන හෝ මෝඩ සහගත ක්‍රියාවක් සිදුකල හොත් ඉතා භයානක අන්දමින් වන්දි ගෙවීමට ද ඔවුන්ට සිදුවනු ඇතැයි තායිවානය පවසනවා.

තායිවානය ද සිය ගුවන් යානා සහ නෞකා යොදවා දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් ඇතැයි සදහන්. තායිවානය වඩාත් අවදානය යොමු කර ඇත්තේ තායිවාන සමුදා සන්ධියේ චීනය සිදු කරමින් ඇති යුදමය ක්‍රියාකාරකම් සම්බන්ධවයි. 

මේ අතර තායිවානයට ආසන්න මුහුදු කලාපයේ චීනය සිදුකරන් යුද අභයාසය පිලිබද අමෙරිකාව ද සිය ප්‍රහාරක ගුවන් යානා මගින් ඔත්තු බැලීමේ නිරත ව ඇතැයි ඇතැම් විදෙස් වාර්තා කරනවා. 

අමෙරිකාව ජාතයන්තර මුහුදට සිය නෞකා යොමු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර චීන - තායිවාන අර්බුදය තීව්‍ර කරමින් තායිවානයට පැමිණි අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසිට සහ ඇගේ පවුලේ සාමාජිකයින් වෙත සම්බාධක පැනවීමට චීනය පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.