Friday, April 26, 2024

General line - 0115112241

මිනීමරු අලියා අල්ලයි




අනුරාධපුර, තිරප්පනේ ප‍්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට තර්ජනයක්ව සිටි මිනීමරු වනඅලියෙකු අද (03) අලුයම නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් වුණා.

ඒ, දින 4 ක් පුරා සිදු කෙරුණු අඛණ්ඩ මෙහෙයුමකින් අනතුරුවයි. මීට දින කිහිපයකට පෙර මෙම වනඅලියාගේ පහරදීමෙන් 54 හැවිරිදි තිදරු මවක් ඝාතනයට ලක් වුණා.

ගතවු මාස 4 ක කාලය තුළ මෙම වනඅලියාගේ පහරදීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. නිර්වින්දනය කර අල්ලා ගැණුනු වනඅලියා හොරොව්පතාන වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.

Elephant www.nethfm.com1 Elephant www.nethfm.com2 Elephant www.nethfm.com3 Elephant www.nethfm.com4