Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහර දෙයි




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.  එම තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතරයි. කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන පිල පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන්නේ එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේයි. එම තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටයි මීට පෙර සැලසුම්කර තිබුණේ. එහෙත් රටේ පවතින තත්ත්වය හේතුවෙන් තරඟාවලිය එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වෙනවා. කෙසේ වෙතත් තරඟාවලියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. 

මෙවර තරඟාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ හොංකොන් යන කණ්ඩායම් එක් වනවා. ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්තානය සහ හොංකොන් යන කණ්ඩායම් තරඟ වදිනවා. ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය තරඟ වදින්නේ බී කාණ්ඩය යටතේයි. 

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සැප්තැම්බර් 07 වනදා දක්වා පැවැත්වෙනවා.