Friday, April 26, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයට විසදුමක් දෙන්න මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට රැකියා දසදහසක්




ශ්‍රී ලාංකිකයන් දසදහසකට මැලේසියාවේ රැකියා අවස්ථා ලබාදීමට එරට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ශ්‍රමිකයින් සැපයීම සදහා අයදුම්පත්‍රයක් නිල වශයෙන් මැලේසියානු රජයට ඉදිරිපත් කරමින් රැකියා දසදහසක් ඉල්ලුම් කළ බව එරට මානව සම්පත් අමාත්‍ය දටුක් සේරි එම් සර්වනන් පවසනවා.

අදාළ අංශවල පුරප්පාඩු පිරවීමේදී ශ්‍රී ලාංකික සේවකයන් බදවා ගැනීමෙන් සිය රජය ගත් තීරණයට සහය වන ලෙසට එරට මානව සම්පත් අමාත්‍යවරයා කර්මාන්තකරුවන්ගෙන් සහ සේවා යෝජිකයින්ගෙන් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍යවල සදහන්.