Sunday, April 28, 2024

General line - 0115112241

විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට 




විදෙස් රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රිකුණාමලය විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුවයි. එම සැකකරු රුපියල් ලක්ෂ 77කට අධික මුදලක් පුද්ගලයින්ගෙන් ලබා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.  

මේ අතර රැකියාවක් ලබාදෙන බවට පවසා මුදල් ලබාගත් අඹුසැමි යුවලක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කාන්තාවක් තලංගම පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුවයි. 

සැකකාර අඹුසැමි යුවල විසින් අදාළ කාන්තාවගෙන් මුදල් වංචා කර ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසමින්. ඇයගෙන් අවස්ථා කිහිපයකදී රුපියල් 7ලක්ෂ 68,300ක මුදලක් සැකකරුගේ බැංකු ගිණුමක් වෙත බැර කර ගෙන ඇති බවද පොලීසිය පවසනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි සැකකරුවෙකු සහ වයස අවුරුදු 27ක් වන සැකකාරියක්. ඔවුන් තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සැකකාර අඹුසැමි යුවල අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.