Thursday, March 28, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩේවිඩ් මලාන් ශතකයක් රැස් කරයි 




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ, ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරූ ඕස්ට්‍රේලියාව සහ ලෝක ශූරයින් වන එංගලන්තය අතරයි. ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා. 

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුළු 03 ලකුණු 31ක් තුළ බිද වැටුණා. පන්දුවාර 41ක් අවසන් වන විට එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 221ක් රැස්කරගෙන සිටියා.

බිදවැටුණු ඉනිම ශක්තිමත් කළ ඩේවිඩ් මලාන් නොදැවී ශතකයක් රැස්කරගෙන සිටිනවා. 

එංගලන්ත ඕස්ටේ්‍රලියා එක්දින ක්‍රිකට් තරගාවලියට තරග තුනක් ඇතුළත්.