හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන වසරේ පෙබරවාරි මස 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදු කළේ යැයි සඳහන් කරමින් ගොනුකර ඇති පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම එම ඉල්ලීම සිදුකර තිබෙනවා.