Friday, April 19, 2024

General line - 0115112241

පාපන්දු මංගල්‍යයට ලොව පුරා ලක්ෂ 12ක් කටාරයට




2022 පාපන්දු ලෝක කුසලානය ලබන ඉරිදා කටාර් රාජ්‍යයේදී ආරම්භ වනවා. ලබන දෙසැම්බර් 18 වනදා දක්වා පැවැත්වෙන මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 32ක්. ඔවුන් කාණ්ඩ 8ක් යටතේ තරග වදිනු ඇති. පළමු තරගය ලබන ඉරිදා පැවැත්වෙන්නේ කටාර් සහ ඉක්වදෝරය අතරයි.

තරඟාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ 8, කිලෝමීටර් 55ක අරයකින් යුත් ප්‍රදේශයක් තුළ පිහිටා තිබෙන බැවින් ප්‍රේක්ෂකයින්ට අවශ්‍ය නම් දිනකට එක් ක්‍රීඩාංගනයට වඩා වැඩියෙන් තරග නැරඹීමටද හැකියාව පවතනිවා.

මෙවර තරගාවලිය නැරඹීම සදහා ලොව පුරා මිලියන 1යි දශම 2කට අධික පිරිසක් කටාර් රාජ්‍යයට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. ඔවුන් වෙනුවෙන් විවිධ රටවල සිට ගුවන් යානා 500ක් කටාර් වෙත පැමිණෙනු ඇති. නවාතැන් සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය හා සෞදි අරාබිය ද සූදානම් කර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් නව හෝටල් සහ නවාතැන් දැනටමත් අලුතින් ඉදිකිරීමටයි කටාර් සංවිධායකයින් කටයුතු කර ඇත්තේ. දෛනිකව 50,000ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් විද්‍යුත් වාහන 700ක් ඇතුළු බස්රථ 4,000ක් ද ලෝක කුසලානය නරඹන්නන් වෙනුවෙන් සංවිධාන කර තිබෙනවා.

ඇදන් 10,000කින් යුත් පාවෙන හෝටල් 03ක්ද ඩෝහා නගරයේදී ඉදිකිරීමටයි කටයුතු කර ඇත්තේ. ලෝක කුසලානයේ ආරක්ෂාවට යොදා ඇති සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. ලෝක කුසලානයට සහභාගීවීමේ අරමුණින් සුපිරි පාපන්දු තරු මේ වන විටත් කටාර් වෙත පැමිණෙමින් සිටිනවා.