Saturday, April 20, 2024

General line - 0115112241

සුපිරි පාපන්දු තරු සමඟ ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් කටාරයට




පාපන්දු ලෝක කුසලානයට සහභාගි වන කණ්ඩායම් මේ වන විට කටාර් රාජ්‍යයට පැමිණෙමින් තිබෙනවා. එලෙස පැමිණි පළමු කණ්ඩායම වූයේ අමෙරිකානු පාපන්දු කණ්ඩායමයි. 

පාපන්දු කණ්ඩායම මෙන්ම එක් එක් රටවලට සහය දක්වන ප්‍රේකෂකයින් ද මේ වන විටත් කටාර් වෙත පැමිණෙමින් සිටීම විශේෂත්වයක්. ඇතැම් ප්‍රේක්ෂකයින් සිය කණ්ඩායම පැමිණෙන විට මග දෙපසට රැස්ව ඔල්වරසන් දෙන අයුරු දැක්වෙන වීඩියෝද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

පාපන්දු ලෝක කුසලාන සංවිධායකයින්ගේ ඉලක්කය වී ඇත්තේ මිලියන 1 යි දශම 2 කට අධික පිරිසක් පාපන්දු ලෝක කුසලානය නැරඹීමට පැමිණෙනු ඇති බවයි. මේ වන විටත් පැමිණ සිටින ප්‍රේක්ෂකයින් හේතුවෙන් දෝහා නගරය අතිශය කාර්යබහුලවී ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්. 

2022 පාපන්දු ලෝක කුසලානය හෙට ආරම්භ වනවා. පළමු තරඟය කටාර් සහ ඉක්වදෝරය අතර පැවැත්වීමට නියමිතයි. උත්කර්ෂවත් සමාරම්භයක්ද සංවිධාන කිරීමටයි සංවිධායකයින් දැනටමත් කටයුතු කර ඇත්තේ. 

2022 පාපන්දු ලෝක කුසලානය අලලා නෙත් නිවුස් සැකසූ විශේෂ වීඩියෝවක් පහතින්.