Thursday, March 28, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානය ඇරඹීමට සියල්ල සුදානම්




ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන 2022 FIFA ලෝක කුසලානය හෙට ආරම්භ වනවා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේදීයි. මේ වන විටත් පාපන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යයේ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 

තරගාවලිය හෙට ආරම්භ වුවද මේ වන විටත් කටාර් රාජ්‍යය සැණකෙලි සිරියක් ගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ රටවල් රැසක පාපන්දු ප්‍රේක්ෂකයින් මේ වන විටත් කටාර් රාජ්‍යයට පැමිණ සිය සැමරුම් සිදු කිරීමයි. ඇතැම් පිරිස් වීදි බැස සිය රටවල ධජ ලෙලවමින් සිය රටේ පාපන්දු කණ්ඩායමේ නිල ජර්සියට සමාන ඇදුමෙන් සැරසී විවිධ සැමරුම් සිදු කරනු අයුරු විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා.

තරගාවලියට සහභාගී වන පාපන්දු කණ්ඩායම් අද දිනයේද කටාර් රාජ්‍යයට පැමිණියා. 

කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් හෙට සිට ලබන දෙසැම්බර් 18 වනදා තෙක් එකම කිරුලක් වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිතයි. ඒ වෙනුවෙන් ක්‍රීඩාංගණ 8ක් සූදානම් කර අවසන්.

එහි විශේෂත්වය වන්නේ එම ක්‍රීඩාංගණ 8ම කිලෝමීටර් 55ක අරයකින් යුත් සීමිත ප්‍රදේශයක පිහිටා තිබීමයි. එබැවින් ප්‍රේක්ෂකයෙකුට එක් දිනක් තුළ පාපන්දු තරග දෙකක් හෝ නැරඹීමේ ඉඩ පවතිනවා. 

මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සදහා ජනප්‍රිය තරු රැසක් එක්වන බවටයි වාර්තා වන්නේ.