Saturday, April 20, 2024

General line - 0115112241

ඉක්වදෝරය වසර 92ක පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කරයි




2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ ජය හිමි කර ගත් ඉක්වදෝර කණ්ඩායම ඉතිහාසයට එක්ව තිබෙනවා. ඒ, වසර 92ක පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සමාරම්භක තරගයේදී සත්කාරක කණ්ඩායම පරාජය කළ පළමු කණ්ඩායම ලෙසයි.

ඊයේ රාත්‍රියේ පැවති එම තරගයේදී සත්කාරක කටාර් කණ්ඩායම ගෝල 2 ට බින්දුවක් ලෙස පරාජයට පත් කිරීමට ඉක්වදෝර කණ්ඩායම සමත් වුණා.

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එංගලන්තය සහ ඉරානය අතර බී කාණ්ඩය යටතේ එම එක් තරගයක් පැවැත්වීමට නියමිතයි.

ඒ කාණ්ඩාය යටතේ තරග වදින සෙනගලය සහ නෙදර්ලන්තය අතර අනෙක් තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාවෙන් අද මධ්‍ය රාත්‍රියේදී අමෙරිකාව සහ වේල්සය අතර තරගය පැවැත්වීමට නියමිතයි.

ඒ පිළිබද තවත් තොරතුරු කටාරයේ රැදී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකරගෙන්.