Friday, April 26, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි




ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
 
ක්‍රීඩකයන් සහ නිලධාරීන් 28 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිළ කණ්ඩායම් දෙකක් වශයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.

මෙයින් පළමු කණ්ඩායම වශයෙන් 14 දෙනෙකු අද උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

අනෙක් 14 දෙනෙකුගෙන් යුතු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද දින උදෑසන 10.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 1025 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මහනුවර , පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී එළඹෙන 25, 27 සහ 30 යන දින වල පවත්වනු ලබන එක් දින සීමිත ඕවර 50 තරග 03 කට සහභාගී වීමට නියමිතයි.

එහෙයින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව එතැන් සිට කෙලින්ම මහනුවර බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසුවේ.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ගුවන් තොටුපළ සිට දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඔවුන් කැදවා ගෙන යනු ලැබුවා.