Friday, April 26, 2024

General line - 0115112241

චාමිකට වසරකට අත්හිටවූ ක්‍රිකට් තහනමක්




පසුගියදා නිමාවට පත් වූ ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩක ගිවිසුමේ වගන්ති කිහිපයක් කඩකිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න විසින් සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය විසින් සිදු කරන ලද විනය පරීක්ෂණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත. 

පසුගියදා පැවති ලෝක කුසලාන තරගාවලියේදී චාමික කරුණාරත්නට  එරෙහිව එල්ල වී ඇති සියලූ චෝදනාවලට ඔහු වරදකරු බවට ප්‍රකාශ කර ඇත.

චාමික කරුණාරත්න විසින් සිදු කර ඇති කඩකිරීම්වල බරපතළකම සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ මණ්ඩලය සිය වාර්තාව මගින් ක්‍රිකට් ක්‍රිකට් විධායක කමිටුවට නිර්දේශ කර ඇත්තේ ක්‍රීඩකයාට තවදුරටත් විනය කඩකිරීම්වලින් වළකින ලෙසත් ඔහුගේ ක්‍රිකට් දිවියට බලපෑමක් නොවන දඬුවමක් පනවන ලෙසයි.

පරීක්ෂණ මණ්ඩලයේ එම සොයාගැනීම් සහ නිර්දේශ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා සඳහා වසරක තහනමක් පනවා ඇති අතර, එම තහනම වසරක කාලයකට අත්හිටුවනු ඇත.

තවද එම අත්හිටවූ සිරදඬුවමට අමතරව චාමික කරුණාරත්නට එරෙහිව ඇමෙරිකානු ඩොලර් 5,000/- ක දඩයක් ද නියම කර ඇත.