Thursday, April 25, 2024

General line - 0115112241

ලෝක කුසලානය මැද සුපිරි පාපන්දු තරුව රෝනාල්ඩෝට තරග තහනමක්




පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට දේශීය තරග දෙකක් තහනම් කර තිබෙනවා. ඒ, ඉකුත් අප්‍රේල් මාසයේ සිදු වූ සිද්ධියක් මුල් කරගනිමින්.
 
එහිදී පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකථනයට පහර දීමේ සිද්ධියක් මුල් කරගනිමින් රොනාල්ඩෝට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. එම සිද්ධියට අදාළවයි ඔහුට දේශීය තරග දෙකක තහනමක් පනවා ඇත්තේ.

 මෙම තහනම පිළිබද තොරතුරු වාර්තා වූයේ පෘතුගාල කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ සිය පළමු තරගයට අද එක්වීමට නියමිතව තිබියදීයි.
 
කෙසේවෙතත් රොනාල්ඩෝට පනවා ඇත්තේ දේශීය තරග තහනමක් බැවින් ඔහුට ලෝක කුසලාන තරගාවලියට සහභාගී විය හැකි බව ක්‍රීඩා අමාත්‍ය අද වාර්තා කළා.