Thursday, April 25, 2024

General line - 0115112241

භානුක ඇෆ්ගනිස්ථාන සංචිතයෙන් ඉවත් වෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා පහත සඳහන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

තරඟ තුනකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරඟාවලිය 2022 නොවැම්බර් 25 වන දින මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවත්වේ.

ශ්‍රී ලංකා සංචිතය :

1. දසුන් ශානක – නායක

2. පැතුම් නිශ්ශංක

3. ධනංජය ද සිල්වා

4. චරිත් අසලංක

5. දිනේෂ් චන්දිමාල්

6. කුසල් මෙන්ඩිස්

7. වනිඳු හසරංග

8. දුනිත් වෙල්ලාලගේ

9. ධනංජය ලක්ෂාන්

10. කසුන් රාජිත

11. මහේෂ් තීක්ෂණ

12. ප්‍රමෝද් මධුෂාන්

13. අසිත ප්‍රනාන්දු

14. අශේන් බණ්ඩාර

15. ලහිරු කුමාර

16. භානුක රාජපක්ෂ

මේ අතර භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇත්තේ තමාට එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විරාමයක් ගැනීමට අවශ්‍ය බැවින් වත්මන් සංචිතයෙන් තමන්ව නිදහස් කරන ලෙසයි.

ඒ අනුව භානුක රාජපක්ෂ සංචිතයෙන් නිදහස් වනු ඇත.