Wednesday, April 24, 2024

General line - 0115112241

පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්ථානයට ලකුණු 60ක ජයක්




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 60කින් ජය ගැනීමට සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලු 08ක් දැවී ලකුණු 294ක් රැස්කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඊබ්‍රහිම් සඩ්‍රන් ලකුණු 106ක් ලබාගැනීමට සමත්වුණා. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 42ට කඬුලු 02යි. 

ජයග්‍රාහී ලකුණු 295ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 234ක් පමණයි. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 83කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්. වනිදු හසරංග පන්දු 46කදී ලකුණු සංඛ්‍යාව 66ක් රැස් කළා.

කෙසේවෙතත් සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුට ලකුණු 17 සීමාව පසු කර යාමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. පන්දු යැවීමේදී ෆසල්හක් ෆාරුකි කඩුලු 4ක් සහ ගුල්බදීන් නේයිබ් කඩුළු 3ක් බිද හෙලුවා. ලකුණු 106ක් රැස් කළ ඊබ්‍රහීම් සඩ්‍රන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. 

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 2යි 30ට ආරම්භ වීමට නියමිතයි.