Monday, May 20, 2024

General line - 0115112241

ඔලිම්පික් උළලේදී ක්‍රීඩකයෙකු ක්‍රීඩිකාවකට මංගල යෝජනාවක් ගෙනෙයි (VIDEO)




ලොවක් බලා සිටින රියෝ 2016 ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ක්‍රීඩකයෙකු විසින් ක්‍රීඩිකාවකට ප්‍රසිද්ධියේ මංගල යෝජනාවක් සිදු කර තිබුණා.

ඒ මීටර් 3 කාන්තා කිමිඳුම් ඉසව්වේ ජයග්‍රාහිකාවන්ට පද්දක්කම් ප්‍රදානය කරන අවස්ථාවේදීයි.  එම තරගයේ රිදී පදක්කම් හිමි කර ගත් චීන ජාතික ක්‍රීඩිකා ‘හී සී’ ට චීන ක්‍රීඩකයෙකු මෙම මංගල යෝජනාව සිදු කර තිබුණා.

විවාහ යෝජනාව ඉදිරිපත් කළ චීන ජාතික ක්‍රීඩක කිං කායි ද පසුගිය සතියේ පැවැති මීටර් 3 කිමිදුම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් ක්‍රීඩකයෙක්.

මෙම අවස්ථාවේ අදහස් පළ කරමින් අදාළ ක්‍රීඩිකාව පවසා ඇත්තේ අවුරුදු 6 ක් තිස්සේ පෙම්වතුන්ව සිටියත් ලෝකයක් ඉදිරියේ ඔහු තමාට මෙලෙස යෝජනාවක් ගෙනෙනු ඇතැයි තමා කිසිවිටෙක නොසිතූ බවයි.

එහිදී සහකරු ලෙස ඔහු පිළිගැනීමට තමා සූදානම් බව ද ඇය පවසා තිබෙනවා.

_90763164_39cd4526-b989-4a1f-9a38-fe59869eff1a _90763167_0677ff46-9d9f-422b-bcef-57fb906f9682 _90763169_dc922c61-fea2-4306-8b49-27dd134ccad1 _90788808_mediaitem90788807 _90789193_bfcd7e6f-ec1c-40b1-a8da-8fead6c6235e _90789196_a3b37670-c703-4f85-a905-507b722a9e44 _90789209_46d6f836-f8da-426e-9280-b4671f3ab06b _90789211_3722314f-d7ec-4542-80d9-296a728344ae _90790334_382d7134-ba09-465a-afb9-35ab0483e062 _90790336_33e0b316-9b77-40d5-b861-475051160ff4 _90790339_6d80dc85-6857-44ab-848d-d95eeb2e7155 GTY_he_zi_qin_kai_marriage_proposal_1_jt_160814_12x5_1600