Monday, April 29, 2024

General line - 0115112241

මොරෝක්කෝ ප්‍රහාරයෙන් බෙල්ජියම අසරණ වෙයි




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයකදි පෙරළිකාර ජයක් හිමිකර ගැනීමට මොරොක්කෝව සමත් වුණා.

ඒ, ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල අංක දෙක ස්ථානයේ පසුවන බෙල්ජියම් කණ්ඩායම ගෝල දෙකට බින්දුවක් ලෙස පරාජය කරමින්.

මොරොන්කෝව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල රැදී සිටින්නේ 22 වන ස්ථානයේයි.


මේ අතර එෆ් ඛාණ්ඩය යටතේ පැවති තවත් තරගයකදී ගෝල 4 ට එකක් ලෙස කැනඩාව පරාජය කිරීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් වුණා.

ඊ ඛාණ්ඩය යටතේ පැවති ස්පාඤ්ඤය සහ ජර්මනිය අතර තීරණාත්මක තරගය නිමාවට පත් වුණේ ගෝල එකට එකක් ලෙස සම තත්ත්වයෙන්.