Monday, May 6, 2024

General line - 0115112241

තේ වගාවේ ගැටළුවලට විශේෂඥ සහාය අද අකුරැස්සට




මාතර දිස්ත්‍රික්කයේ තේ වගාවේ ගැටලු හදුනාගැනීම හා විශේෂඥ සහාය නොමිලේ ලබාදීමේ ජංගමන් සේවයක් අද පැවැත්වෙනවා.

“ගමින් ගමට හිත මිතුරු සේවාව” යටතේ පෙරවරු 9 ට එම ජංගම සේවය අකුරැස්ස නන්දන තේ කම්හල් පරිශ්‍රයේදී ආරම්භ වනවා.

තේ පර්යේෂණාගාරයේ ජංගම පාංශු විද්‍යාගාරය මගින් උසස් ගුණාත්මක බරින් වැඩි තේ දල්ලක් නිෂ්පාදනය කිරීමට උපදෙස් හා වගා සහනාධාර සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් මෙම ජංගම සේවාව මගින් සිදුකරන බවයි දෙනියාය තේ පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ උපදේශක සී.ඊ.මුණසිංහ පැවසුවේ.