Monday, May 6, 2024

General line - 0115112241

මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 24 දෙනා රිමාන්ඩ්




මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 24 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අදාළ ධීවරයින් යාපනය, කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී එම ධීවරයින් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සරෝජනි ඉලන්ගෝවන් නියෝග කර ඇත්තේ.

යාපනය, කරෙයිනගර්  ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු සීමාවේදී එම ඉන්දීය ධීවරයන් යාත්‍රා පහක් සමග නාවික හමුදාව නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණුනා.