Monday, May 6, 2024

General line - 0115112241

පුද්ගලයින් රවටා මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට




දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා මුදල් වංචා කළ පුද්ගලයින් තිදෙනෙකු මාවතගම, මඩව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදීයි.

ව්‍යාජව සකස් කරන ලද නිල් පැහැති ගල් ඔබ්බවන ලද නෙළුම් මලක් සහ රුපියල් ලක්ෂ 10 ක් ද එම සැකකරුවන් සතුව තිබී එහිදී සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එම සැකකරුවන් රත්නපුර ප්‍රදේශයේ හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 10 ක් ද වංචා කර ඇති බවයි සිදුකළ විමර්ෂණවලදී අනාවරණයවී ඇත්තේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කෝන්ගහවෙල, ඉබ්බාගමුව සහ ගල්කිරියාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.