Monday, May 6, 2024

General line - 0115112241

විදුලිබල ප්‍රතිසංස්කරණ යෝජනා 08 වනදා ජාතික සභාවට




මෙරට විදුලිබල ක්ෂේත්‍රය තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද කමිටු වාර්තාවට අදාල ජාතික ප්‍රතිපත්ති අනුකමිටුවේ යෝජනා දෙසැම්බර් 08 වනදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ඒ, කෙටි, මධ්‍ය හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින්.

අදාළ වාර්තාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර එය ජාතික ප්‍රතිපත්ති අනුකමිටු යෝජනා ලබාගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ජාතික ප්‍රතිපත්ති අනුකමිටුවේ සභාපතිවරයා වෙත භාරදුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.


දෛනිකව ඉහළ යන විදුලිබල අවශ්‍යතාව සැපයීමට නොහැකිවීම නිසා ඇතිවන විදුලිය ඇණහිටීම් සහ විදුලි ගාස්තු අධික ලෙස ඉහළ යාම ඇතුලු මෙරට විදුලිබල ක්ෂේත්‍රය මුහුණදී තිබෙන ගැටලු ගණනාවකට අදාල විසදුම් ඇතුලත් නිර්දේශ මෙම වාර්තාවට ඇතුලත් වනවා.

අමාත්‍ය කංචන විජේසේකර විසින් ලබාදුන් වාර්තාව අධ්‍යයන කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ජාතික සභාව වෙත ඉදිරිපත් කරන බවයි කෙටි, මධ්‍ය හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.