Friday, April 19, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයේ තවත් පෙරලියක්




පාපන්දු ලෝක කුසලානයේ තවත් පෙරලියක් ඊයේ සිදු වුණා.

ඒ, ප්‍රබල ප්‍රංශය ගෝල 1ට 0ක් ලෙස පරාජය කිරීමට ටියුනීසියාව සමත් වීමත් සමගයි.

වත්මන් ලෝක ශූරයින් මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවන ප්‍රංශය මෙලෙස පරාජයට පත්වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 30 වන ස්ථානයේ පසුවූ ටියුනීසියාවට වීම විශේෂත්වයක්.

ටියුනීසියාව මෙම ඓතිහාසික ජය වාර්තා කළේ ගෝල 1ට 0ක් ලෙසයි.

මීට අමතරව ඩෙන්මාර්කය ගෝල 1ට 0ක් ලෙස පරාජය කිරීමට ඔස්ට්‍රේරලියාව සමත් වුණා. ඒ අනුව වසර 16කට පසු ලෝක කුසලානයක ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියාව සමත් වී තිබෙනවා.