2025 වසර සඳහා වන අයවැය ජනවාරි මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව ජනාධිපතිවරයා විසින් පෙබරවාරි මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි තීරණය වී ඇත්තේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
අයවැය සම්මත කරගන්නා තෙක් ලබන වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.
මීට අමතරව මෙම වසරේ ඉදිරි කාලය සඳහා අත්‍යවශ්‍ය වියදම් දැරීම හා ගිණුම්ගත කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා රුපියල් මිලියන දෙලක්ෂ 19,373 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් වහාම ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.