Friday, April 19, 2024

General line - 0115112241

පාපන්දු නිසා ඔස්ට්‍රේලියාවේ සැණකෙලි - ඉරානයේ ගිනි කෙළි




පාපන්දු ලෝක කුසලානය හේතුවෙන් එක් රටක සැණකෙලි සහ තවත් රටක මාරාන්තික විරෝධතා සිදු වූ පුවතක් අද වාර්තා වුණා.

සැණකෙලි සිරියක් ගෙන තිබුණේ ඔස්ට්‍රේරලියාවේයි.

ඒ, වසර 16කට පසුව ඔස්ට්‍රේලියාව පාපන්දු ලෝක කුසලානයක පිලිමළුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබා ගැනීම හේතුවෙන්.

මාරාන්තික විරෝධතා සිදුව ඇත්තේ ඉරානයේයි.

ඒ, මෙවර ලෝක කුසලානයේ පිලිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉරානය ඉවත් වීම සැමරීම හේතුවෙන්.

ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් ඉරානය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් වීම සමරා ඇති අතර ආරක්ෂක අංශ සිදු කළ වෙඩි තැබීමකින් ඊට එක් වූ අයෙක් මියගොස් තිබුණා.

බොහෝ ඉරාන ජාතිකයින් සිය කණ්ඩායමට සහය දැක්වීම ප්‍රතික්ෂේප කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 
මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් අද පැවැත්වෙනවා. මේ, කටාර් හී ලෝක කුසලාන පාපන්දු බිමේ සිට ඒ පිළිබද වාර්තාව නෙත් නිවුස් විශේෂ නියෝජිත මෙනුක අබේසේකරගෙන්.


පාපන්දු ලෝක කුසලානයේ ඊයේ පැවති තරගවලින් සුපිරි ජයග්‍රහණ වාර්තා කිරීමට ආර්ජන්ටිනාව සහ මෙක්සිකෝව සමත් වුණා. පෝලන්තය සමග පැවති තරගයෙන් ආර්ජන්ටිනාව ජයගත්තේ ගෝල 2ට 0ක් ලෙසයි. සෞදි අරාබිය සමග පැවති තරගයෙන් ගෝල 1ට 2ක් ලෙස තියුණු ජයක් ලැබීමට මෙක්සිකෝව සමත් වුණා.