Friday, April 26, 2024

General line - 0115112241

විදුලි බිල වැඩිවීමෙන් රටේ කර්මාන්ත අවධානමක




විදුලි බිල තවදුරටත් වැඩිවුවහොත් එය රටේ කර්මාන්තවලට මෙන්ම ආර්තිකයට ද බලපෑමක් එල්ල කරනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පැවසුවේ ඉකුත් වර විදුලි ගාස්තු ඉහළ නැංවීමත් සමඟ විදුලි පරිභෝජනය සියයට 12 කින් පමණ පහත වැටී ඇති බවයි. 

මෙලෙස විදුලි පරිභෝජනය අඩුවීමට බලපා ඇති හේතු මොනවාද ?

ගෘහාශ්‍රිත විදුලි පරිභෝජනය පමණක් නොව කර්මාන්ත ආශ්‍රිත විදුලි පරිභෝජනය ද මේ වන විට අඩු වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ දත්ත උපුටා දක්වමින් නෙත් නිවුස් අද උදෑසන අනාවරණ කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ පවතින තත්ත්වය හමුවේ විදුලි බිල වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය විවිධ පාර්ශවයන්ට රුපියල් බිලියන 650කට ආසන්න මුදලක් ණයවී ඇති බවත් පවතින පාඩුව පියවා ගැනීමට විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවයි.