Friday, April 26, 2024

General line - 0115112241

සූපවේදී ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට පදක්කම් 21ක්

ටී කේ ජී කපිල




මෙවර  ලෝක කුසලාන සූපවේදී තරගාවලියේදි ශ්‍රී ලංකාවට පදක්කම් 21ක් හිමිව තිබෙනවා. සෑම වසර හතරකටම වරක් පවත්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලිය මෙවර රටවල් 55 ක සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණේ ලක්සම්බර්ග්හිදීයි.  

ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සූපවේදීන් එකොළොස් දෙනෙකු සහභාගිවුණා. ඵම තරගාවලියේදි රන් පදක්කම් 06 ක් , රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික  සූපවේදීන් කණ්ඩායම සමත් වුණා.

පදක්කම් දිනාගත් ශ්‍රි ලංකා සූපවේදි කණ්ඩායම  අද අලුයම දිවයිනට පැමිණි අතර ඵහිදී  ශ්‍රී ලාංකික  සූපවේදී කණ්ඩායමේ නායක දිමුතු කුමාරසිංහ පැවසුවේ මෙම ජයග්‍රහණයන් ලෝකයේ සංචාරකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට හේතු වනු ඇති බවයි.

ඵමෙන්ම මෙම ජයග්‍රහණයන් අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට බෙහෙවින් උපකාර වනු ඇති බවද ඔහු  කටුනායක ගුවන් තොටුපළේදි වැඩිදුරටත් පැවසුවා.