Thursday, November 30, 2023

General line - 0115112241

නෙත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ අවසන් අදියර අද රාජගිරියේදි




මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසුන් සදහා  නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන සම්මන්ත්‍රණ මාලාවේ අවසන් සම්මන්ත්‍රණය රාජගිරිය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදි අද පැවැත්වෙනවා.

 සිසුන් වෙනුවෙන් වූ සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්. මව්පියන් සදහාද විශේෂ දේශනයක් ඵම විද්‍යාලයේදි පැවැත්වෙනවා. ඵ් සදහා සහභාගි වන සියළු සිසුන්ට සහ මව්පියන්ට පෙරවරු 8 ට පෙර පාසලට පැමිණෙන ලෙසයි රාජගිරිය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි නයනා වන්නිආරච්චි ඉල්ලීමක් කළේ.

නෙත් ඵෆ් ඵම් රේඩියෝව සංවිධාන කරන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සදහා මැලිබන් ගෝල්ඩ් මාරි  අනුග්‍රාහකත්වය ලබාදෙනවා.