Thursday, May 9, 2024

General line - 0115112241

අනතුරකට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමිකට සැත්කමක්




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති තරගය කඩුලු 5 කින් ජය ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්.


තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 121ක් රැස්කළා.

ගෝල් කණ්ඩායම වෙනුවෙන් මොවින් සුබසිංහ ලකුණු 40ක් රැස්කළ අතර ඉමාඩ් වසීම්ලකුණු 34ක් රැස්කළද සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට කැන්ඩි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ක්‍්රකදි ඊර්එයඅ්සඑැ කාලෝක් බ්‍රාත්වේට් කඩුලු 4ක් දවාගත්තා.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 122 ඉලක්කය පන්දු ඕවර 15කදී කඩුලු 5ක් දැවී පහසුවෙන් හඹා යාමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. කමිඳු මෙන්ඩිස් ලකුණු 44යි.


මේ අතර, ඊයේ පැවති තරඟයේදී අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සැත්කමට ලක්කර ඇතැයි වාර්තා වනවා.

කැන්ඩි කණ්ඩායම නියෝජනය කරන ඔහු මෙම අනතුරට මුහුණ පෑවේ උඩ පන්දුවක් රැක ගැනීමට ගිය අවස්ථාවේදීයී.

එහිදී පන්දුව ඔහුගේ මුහුණේ වැදී මෙම අනතුර සිදු වුණා.

අනතුරට ලක්වීමෙන් අනතුරුව චාමික කරුණාරත්න කඩිනමින් ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කෙරුණා.

ක්‍රීඩා වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ පන්දුව මුහුණේ ගැටීමෙන් වාමිකගේ මුඛයේ දත් හතරකට හානි සිදුව ඇති බවයි.