අපරාධ පාලනය කිරීම සදහා ඒ ඒ ප්‍රදේශවලවලට ගැලපෙන සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක කරමින් ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව මේ වනවිටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මත්ද්‍රව්‍ය සහ අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.
වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉහළ පොලිස් නිලධාරින්ට කළ දැනුම් දීම මත ඒ ඒ ප්‍රදේශ ආශ්‍රිතව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවද නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
විදෙස් රටවල සැඟව සිටින මෙරට අපරාධකරුවන් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු ද අඛණ්ඩව සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.