පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල - කොළඹ මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් බෙරගල - හපුතලේ අතර සහ උඩුවර, කිරි මණ්ඩලය අසල මාර්ගය අවහිර වී තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල - පස්සර මාර්ගය අරවාකුඹුර ප්‍රදේශයෙන් ද, බදුල්ල - ස්ප්‍රීන්වැලි මාර්ගය කදන ප්‍රදේශයෙන් ද, බදුල්ල - පස්සර මාර්ගය 07 කණුව ප්‍රදේශයෙන් ද අවහිර වී ඇති බවයි.
මේ හේතුවෙන් එම මාර්ගවල ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බවද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.