Sunday, May 5, 2024

General line - 0115112241

කොවිඩ් අවධානමක් තිබුනත් විරෝධතා හේතුවෙන් චීනය කොවිඩ් නීති ලිහිල් කෙරේ




යළි කොවිඩ් අවධානමකට මුහුණ දී සිටින චීනය සිය දැඩි කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීමට තිරණය කර තිබෙනවා.

ඒ, කොවිඩ් පාලනයට පැනවූ දැඩි කොන්දේසිවලට එරෙහි විරෝධතා හේතුවෙන්.

ඒ අනුව සතියකට පසු චීනය සිය දැඩි කොවිඩ් ප්‍රතිපත්ති ලිහිල් කල අතර නිරෝධායන කඳවුරුවලට කැමැත්තකින් තොරව ජනතාව ඇතුළු කිරීමට නතර කර දමා තිබෙනවා.


කොවිඩ් ආසාදිත එහෙත් එතරම් බරපතල නොමැති හෝ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් නිවෙසේ හුදකලාව සිටීමට අවසර ලබා දීමද ඒ අතරින් ප්‍රධානයි.

ඔවුන් දිගින් දිගටම පරීක්ෂණ සඳහා කැඳවීමද නතර කර දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. 


විදෙස් වාර්තාවලට අනුව මේ වන විටත් චීනයෙන් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 30,000 කට වඩා වැඩියෙන් වාර්තා වෙමින් තිබෙනවා. එය දෛනිකව එරටින් වාර්තා වන ඉහලම අගයක්.