Sunday, May 5, 2024

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන්වලට බාධා




පවතින අයහපත් කාලගුණය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී තිබෙනවා.
 
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ස්ටැන්ස්ටඩ් ගුවන් තොටුපලේ සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

හිම සහ අයිස් මිදීම මෙන්ම ඝන මීදුම හේතුවෙන් හිත්‍රෝ සහ ගැට්වික් ගුවන්තොටුපලවල ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට හා ප්‍රමාද කිරීමට සිදුවූ බවද විදෙස් මාධ්‍යවල සදහන්.

ස්කොට්ලන්තය, ලන්ඩනය සහ නිරිතදිග එංගලන්තය යන ප්‍රදේශවලට කාලගුණ බලධාරීන් විසින් කහ මට්ටමේ අනතුරු ඇගවීමක්ද නිකුත් කර ඇති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.