Monday, May 6, 2024

General line - 0115112241

ඉන්දු - චීන හමුදා දේශසීමාවේදී ගැටෙයි




ඉන්දීය හා චීන හමුදාව අතර යළිත් ගැටුම් හටගෙන තිබෙනවා. අරුණාචල් ප්‍රදේශයේ පිහිටි දෙරටේ දේශසීමාවේදී එම ගැටුම් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දේශසීමාවේ ස්ථාපිත ඉදිරි ආරක්ෂක වළල්ල පසුකර චීන හමුදාව ඉන්දීය දේශ සීමාව උල්ලංඝණය කිරීමට උත්සහ කිරීමත් සමග ඉන්දීය හමුදාව ඊට ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. එහිදී දෙපාර්ශවය අතර මුහුණට මුහුණ ගැටුම් හට ගෙන ඇති අතර ගැටුම් හමුවේ දෙපාර්ශවයේම හමුදා සාමාජිකයින්ට තුවාල සිදුව ඇති බව ද එම වාර්තාවල සඳහන්. 

අනතුරුව චීන හමුදාව සිය තුවාල ලැබූ සාමාජිකයින් දේශ සීමා ආසන්නයෙන් ඉවතට රැගෙන ගොස් තිබෙනවා. නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ ඉකුත් දා හටගත් ගැටුම්වලින් අනතුරුව ඉන්දීය හා චීන හමුදාව අතර ගැටුම් හටගත් පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.