Friday, May 10, 2024

General line - 0115112241

මූල්‍ය වංචා චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලිට ඇප




මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තිළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

මීට අමතරව මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ම චෝදනා එල්ලවූ ජානකී සිරිවර්ධනට ද ඇප නියමවී තිබෙනවා.

රුපියල් මිලියන 226කට අධික මුදල් සහ රන්භාණ්ඩ සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ලවීම හේතුවෙන් තිළිණි ප්‍රියමාලි ඉකුත්දා අත්අඩංගුවට ගැණුනා. ඉන් අනතුරුව ඇය අද දිනය දක්වා රක්සිත බන්ධනාගාරගත කර තිබුණා.