Friday, March 29, 2024

General line - 0115112241

සිසුන් මත්ද්‍රව්‍යයට පොළඹවන්න ජාවාරම්කරුවන්ගෙන් තවත් වැඩක්




පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවක් විද්‍යාත්මක සාක්ෂි මඟින්ද සනාථ වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දර්ශනය හා මනෝ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥාණදාස පෙරේරා පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට වැඩසටහනට එක් වෙමින් ඔහු සඳහන් කළේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පාසල් සිසුන් වර්තමානයේ ප්‍රතිකාර අංශ සඳහා යොමු වීම ඉහළ යාම ඊට එක් උදාහරණයක් බවයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කූඨ උපක්‍රමයක් පිළිබඳව ද මෙහිදී අදහස් පළ වුණා. 

මොරටුව මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති කේ ඒ සුදත් යසලාල්ද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට වැඩසටහනේදී අදහස් පළ කළා.