Thursday, March 28, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය හා පාසල් ගැන උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති කතා කරයි




පාසල් හා විශ්ව විද්‍යාලවලට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

ඔහු පැවසුවේ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්  මත්ද්‍රව්‍යවලට දැඩි ඇබ්බැහිවීමක් ඇති බවට මෙතෙක් විද්‍යාත්මක තහවුරුවීමක් නොමැති බවයි. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම හා ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති සබඳතා පිළිබඳවද උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 

මේ අතර අධ්‍යාපනයේ නව ප්‍රවණතා ශ්‍රී ලංකාව නිවැරදිව හඳුනාගෙන ඇත්දැයි තවමත් ගැටලුවක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් වැඩිදුරටත් පැවසුවා.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවෙන් නැරඹිය හැකියි.